හේතු ගණනාවක් මත මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම අද (20) මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
කොමිසන් සභාවට වළක්වාගත නොහැකි බාධා කිහිපයක් නිසා ලබන 09 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට අපහසුතා රැසක් මතුවී ඇතැයි මැතිවරණ කොමිසම සිය මෝසම මගින් පෙන්වා දී ඇත.
එම මැතිවරණය සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම අසීරු බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනවිටත් කොමිෂන් සභාවට දන්වා ඇතැයිද රුපියල් මිලියන 410.6ක් ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා ලබාදීමේ හැකියාවක් නොමැති බවට රජයේ මුද්‍රණාලයාධිපති විසින් දන්වා ඇතැයිද මැතිවරණ කොමිසම මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දී තිබේ.
මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා අසමත් වී ඇති බවත් ඒ සදහා ගෙවිය යුතු ගාස්තුව තුන් ගුණයකින් ඉහළ දමා ඇති බවත් මැතිවරණ කොමිසන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට පෙන්වා දී ඇත.
මැතිවරණය සදහා අවශ්‍ය වාහන ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාදෙන ලෙසට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට තමන් දැනුවත් කර තිබුණත්, එම ඉල්ලීම් මේ දක්වා ඉටුකර නොමැති බවද මැතිවරණ කොමිසම සිය මෝසම මගින් පෙන්වා දී තිබේ.
මහා භාණ්ඩාගාරයේ ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති දෙපාර්තමේන්තුව, පොලිස්පති, ලංකා විදුබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු පිරිස මෙම ඉදිරි මැතිවරණය සඳහා ලබාදිය යුතු පහසුකම් ලබා දී නොමැති බවට ලේඛන සහිතව මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු පෙන්වා දී ඇත.










