මැතිවරණ කොමිසමේ මෝසමත් අද හෝ හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

මැතිවරණ කොමිසමේ මෝසමත් අද හෝ හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පවතින බාධා සම්බන්ධයෙන් මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට පසුගිය 18වනදා මැතිවරණ කොමිසම ගත් තීරණය අනුව අද (20) හෝ හෙට (21) එම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඊට අදාළ ලේඛන මේ වනවිටත් මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නීතීඥවරුන් වෙත භාරදී ඇතැයිද වාර්තා වේ.

පළාත් පාලන ආයතන මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදීම හේතුවෙන් පවතින දුෂ්කරතා පිළිබඳව මෙලෙස මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn