රජයේ නව බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති සහ සියලු ක්ෂේත්‍රවලින් සැදුම්ලත් වෘත්තියවේදීන් ඊයේ (16) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්ව තිබිණි.
එම අවස්ථාවට ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් එක්ව තිබුණි.
එහිදි අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල ප්‍රකාශ කර සිටියේ මෙම මස 22දා සිට කළු සතියක් ප්‍රකාශයට පත්කර ඇති බවත් මාර්තු 1 දා සමස්ත මහා වැඩවර්ජනයක් සූදානම් කර අතැයිද වැඩිදුරටත් පැවසීය.
Views: 0










