පළාත් පාලන මැතිවරණය සඳහා යන වියදම් සපයාගැනීම සම්බන්දයෙන් ඇති වී තිබෙන ගැටළු සහගත තත්ත්ව අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර සාකච්ඡා කිරීමෙන් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීයි.
ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) වැඩිදුරටත් නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි ලෙස පරිහානියකට ලක්ව ඇති කාලයක නිශ්චිත කාල සටහනක් අනුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්ව අතර එකඟතාවන් තුළින් ඇති කර ගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා උචිත සැලසුමක් සකස් කර ගැනීමට වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවාට ලිපියක් යවමින් මේ පිළිබඳ සඳහන් කර තිබේ.
Views: 0










