පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 07ක තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බව මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පවසයි.
මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් තමන්ට දැනුම්දුන් බවද ඇය සඳහන් කරයි.
මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40ක මුදලක් පමණක් බවත් මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ දැනට කර අවසන් බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පවසයි.
1










