ඇප මුදල් මැතිවරණ කටයුතුවලට ගතහැකියි – රෝහණ හෙට්ටිආරච්චි

ඇප මුදල් මැතිවරණ කටයුතුවලට ගතහැකියි – රෝහණ හෙට්ටිආරච්චි

රජය මැතිවරණය කල්දැමිම සදහා ගන්නා උත්සාහය පරාජය කිරිමට දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඇප වශයෙන් තැන්පත්කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා මහා භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට ඉඩකඩක් පවතින බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

මේ පිළිබද අදහස් දක්වමින් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙසේද පැවසීය.

“මැතිවරණය සදහා තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් මේ සදහා එකගනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් නිත්‍යානුකුල ආකාරයට ඇපමුදල් තමන් ආපසු ලබා නොගන්නා බවට තහවුරුවක් දිලා රජයේ ගිණුමෙන් මැතිවරණ කොමිසම් සභාවට බැරකරණ ලෙස ඉල්ලිමක් කරන්න පුළුවන්. එහෙම වුනොත් මිලියන 186ක මුදල මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ කටයුතු සදහා ලබාගන්න පුළුවන්.

ඉතිහාසයේ පළමු වතාවට තමයි මුදල් මත මැතිවරණයක් ප්‍රමාදවෙලා තියෙන්නේ. ආණ්ඩුවක් නිතියෙන් බැහැරව මැතිවරණයක් වැලැක්විම සදහා උත්සාහ දරපු අවස්ථාවක් මිටපෙර වාර්තාවෙලා නැහැ.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn