ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කරන කාබොප්ලැටීන් නැමැති ඖෂධය ලංකාවේ රුපියල් 14,000ත් 18,000ත් අතර මිලකට වෙළඳපොලේ විකුණන අතර ඉන්දියාවේ එහි මිල ලංකාවේ මුදලින් රුපියල් 5,000ත් 5,500ත් අතර මිලක් වන බව වෛද්‍යවරයා අනාවරණය කරයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් මිල දී ගත් නිර්වින්දනය කිරීම සඳහා ගන්නා ඖෂධයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් 100ක් වන නමුත් එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 480කට බව ඔහු අවධාරණය කරයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර වැඩිදුරටත් පවසන්නේ, හිරි වැට්ටීම සඳහා භාවිතා කරන ඖෂධයේ වටිනාකම රුපියල් 97ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 2,500කට බවය.
ඒ අනුව, මෙම දූෂණය නැවතුවහොත් මෙරටට ගෙනඑන ඖෂධ ප්‍රමාණය හතර පස් ගුණයකින් වැඩි කර ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.









