තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධතිය බිඳවැටීම නිසා විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම අද (13) පස්වරුවේ අත්හිටුවීමට සිදුවූ බවත් එම පද්ධතිය මේ වනවිට යථා තත්වයට පත්කරමින් සිටින බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් රටපුරා ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.
අද (13) දිනයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්ර අයදුම් කළ පුද්ගලයන්ට ස්පීඩ් පෝස්ට් හරහා යොමුකිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.
Views: 0










