ඡන්ද පත්‍රිකා මුද්‍රණය අඩපණ කිරීමට එජාප, පොහොට්ටු කුමන්ත්‍රණයක්! මුද්‍රණාලාධිපතිනියත් හවුල්!

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අඩපණ කිරීමට එජාප, පොහොට්ටු කුමන්ත්‍රණයක්! මුද්‍රණාලාධිපතිනියත් හවුල්!

එළෙඹෙන පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව වර්ජන ක්‍රියාමාර්ගයක් සැලසුම් කිරීමට රජයේ මුද්‍රණාලයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු) වෘත්තීය සමිති නායකයින් කටයුතු කරමින් සිටින බව එම ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. මේ සඳහා සහායක් ලෙස මුද්‍රණාලාධිපති විසින් සේවක දීමනා ප්‍රමාණයක් සැලසුම් සහගතව ප්‍රමාද කරමින් වර්ජන ක්‍රියාමාර්ගයකට නොනිල අනුග්‍රහය ලබාදෙමින් පවතින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මීට පෙර මැතිවරණ අවස්ථාවලදී මෙන් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ දී මුද්‍රණාල කටයුතු සඳහා ලබාදෙන දැඩි පොලිස් ආරක්ෂාව මේ වන තුරුත් ලබා දී නැති බවත් එම ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. මෙයද ආණ්ඩුව ඡන්දය කල්දැමීමේ සැලසුමේ තවත් කොටසක් බව මුද්‍රණාල සේවකයෝ පවසති.

මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීමට තවත් හේතුවක් ලෙස මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට නිල වශයෙන් දැනුම්දීම සිදුකර නැති බවට සේවකයින් අතර මතයක් ප්‍රචාරය කරන අතර එය සම්පූර්ණ අසත්‍යක් බව තහවුරු වී තිබේ.

සාමාන්‍යයෙන් මුද්‍රණ කටයුතු අවසන් වූ පසු මුදල් ගෙවීම් සිදුවන අතර මෙවර අදාල මුදල් කල්ඇතිව ලබාදෙන ලෙස මුද්‍රණාලාධිපතිනිය විසින් මැතිවරණ කොමිසමට බලපෑම් කර ඇති බවද දැනගන්නට තිබේ.

මේ සියලු කරුණු පිටුපස පළාත් පාලන ඡන්දය කල් දැමීමේ රනිල්+රාජපක්ෂ ආණ්ඩුවේ සැලසුම් සහගත කුමන්ත්‍රණ පෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලි යැයි එහි සේවකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn