බෙහෙත් ගන්න මුදල් ඉල්ලා සිඟමන් යදින්නන් වැඩිවෙලා

බෙහෙත් ගන්න මුදල් ඉල්ලා සිඟමන් යදින්නන් වැඩිවෙලා

දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන ‌සේවාවල ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මුදල් ඉල්ලා සිඟමන් යදින පිරිස් ක්‍රම යෙන් වැඩිවී තිබේ.

රජයේ රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මෙයට බල පා ඇති බවත් ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත් සමජ විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම පිළිකා රෝගීන් වෙනුවෙන් වූ අත්‍යාවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතී.

මේ අතර රෝහල්වල නැවතී සිටින රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිටතින් රැගෙන එන ලෙසට වෛද්‍යවරුන් දන්වා සිටීමත් සමග රෝගීන්ගේ ඥාතීහු දැඩි අපහසුතාවට පත්ව තිබේ.

මෙවත් තත්වයන් හේතුවෙන් දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන ‌සේවාවලත් මංමාවත් ඇතුළු පොදු ස්ථානවලත් ඖෂධ මිලදී ගැනීම සඳහා සිඟමන් යදින්නන්ගේ ඉහළයාමක් දක්නට ලැබේ.

කෙසේ වෙතත් මේ අතරින් බොහෝ පිරිසක් සත්‍ය ලෙසම ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින පිරිස් වන අතර තවත් පිරිසක් තම එදිනෙදා ජීවනෝපාය ලෙස මෙලෙස විවිධ කම්කටොලු කියමින් මුදල් ඉල්ලා සිටින බවත් පොදුවේ ගත් විට සිඟමන් යදින්නන්ගේ ප්‍රමාණය ඉහළගොස් ඇති බවත් සමජ විශ්ලේෂකයෝ වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn