ඇමරිකාව හතරවන ගුවන් වස්තුවත් බිම හෙලයි

ඇමරිකාව හතරවන ගුවන් වස්තුවත් බිම හෙලයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් යලිත් හඳුනා නොගත් පියාසර වස්තුවක් බිමහෙලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු දේශසීමා ආසන්නයේ පාවෙමින් තිබියදී පසුගියදා ගුවන් හමුදා විසින් වෙඩි තබා බිම හෙලීමෙන් පසුව වාර්තා වූ හතරවන සිදුවීම ලෙස මෙය වාර්තා වී තිබේ.

අදාල වස්තුව ප්‍රථම වරට පසුගිය සෙනසුරාදා(11) දින මොන්ටානාහි හමුදාවට අයත් ප්‍රදේශයන් හිදි ආරක්ෂක අංශවල අවදානයට ලක්ව ඇති අතර මිලිටරි තර්ජනයක් ලෙස නොසැලකූවද අඩි 20,000 (මීටර් 6,100) උසින් ගමන් කරන බැවින් වාණිජ ගුවන් ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් ප්‍රහාරක ජෙට් යානයක් මගින් එල්ල කරන ලද මිසයිලයක් මගින් බිම හෙලා තිබේ.

Facebook
Twitter
LinkedIn