අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ගෙන ඇතැයි ඉරාන ගුවන් විදුලිය නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලබා සිටී බවට මීට පෙර වාර්තා විය. එම තුවාල හේතුවෙන් ඊයේ (27) දිනයේදී ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණය කර ගෙන තිබේ.
ඔහුගේ ඝාතනයත් සමගම අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස පසුබෑමකට ලක්වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Views: 0









