ලෝක වෙළඳ සංගමයේ මුලාශ්රවලට අනුව ඇමරිකාව තවමත් ඩොලර් බිලියන 18,861 ප්රග්ධනයකට හිමිකම් දරමින් චීනයට ඉදිරියෙන් ලෝකයේ ධනවත්ම රාජ්‍යය ලෙස විරාජමාන වේ. ට්‍රම්ප් බලයෙන් පහ වීමෙන් පසු නිදහස් වෙළඳ කොන්දේසි බයිඩන් රජය විසින් නැවත ආර්ථික ආරක්ෂනවාදයකට ගමන් නොකර පවත්වා ගෙන යනු ඇතැයි යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය ආයතන අපේක්ෂා කලද ඔහු එය නොසලකා හැර ඇතැයි යුරෝපා කොමිසම පසුගියදා චෝදනා කරනු ලැබුවේය. වසර 40කට පසුව ඇමරිකාවේ දැවැන්තම උද්ධමන වේගය හා ආර්ථික අවපාතය 2023 වසරේ මුල් කාර්තුවේ සිට ඉහළ ගොස් ඇමරිකාවේ ආර්ථිකය බරපතල ණය ගෙවීමට හා ණය ලබා ගැනීමේ අර්බුධයකට අවතීර්ණ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ 22දා වාර්තා කර සිටි.
ඇමරිකාව දැවැන්ත ගෙවීම් අර්බුධයක සිර වී ඇතැයි පවසනුයේ චීනය නොව ඇමරිකානු මහා භාණ්ඩාගාරයේ ලේකම් Janet Yellen විසිනි. ඇය මෙම ප්‍රකාශය කරනුයේ සෙනසුරාදා 22 අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් වන අතර මෙම හෙළිදරව්ව සමස්ත මුල්‍ය ලෝකයම තිගැස්සීමකට ලක් කරනු ලැබුවේ මෙම අර්බුධය ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් විය හැකි බවටද ඇය විසින් අනතුරු හැඟවීම නිසාවෙනි.
මෙයට හේතුව ලෙස සඳහන් කරනුයේ ඇමරිකානු කොංග්‍රසය විසින් පාලක බයිඩන් රජයට ණය ගැනීමේ ප්‍රමාණය ඩොලර් බිලියන 31000 සීමාව ඉක්මවා යාමට එරෙහිව තහනමක් පැනවීම නිසාවෙනි. එනම් ඇමරිකානු 1960 පැනවූ නීතියක් අනුව ඕනෑම ඇමරිකානු රජයක් ණය ලබා ගැනීමේදී යම් සීමා නිර්ණායකයට පත් කර ඇත. මෙම කොන්දේසිය 60 වතාවක් කොංග්‍රසය විසින් 1960 සිට සංශෝධනය කර ඇත. ඉතිහාසය පුරාවටම ඇමරිකානු කොංග්‍රසයේ බලය හිමිවී තිබෙනුයේ රිපබ්ලිකන් හිතවාදීන්ට වන අතර මෙම නීතිය යොදාගනිමින් ඩිමොක්රටික් රජයන් විසින් ජනතාව වෙත හා කුඩා හා මධ්‍යම කර්මාන්ත කරුවන් වෙත ලබා දෙන සහනාධාර කපා දැමීමට හෝ ඒවාට බාධා කිරීමට හා රජයේ බදු ප්‍රතිපත්තිය අවුල් කිරීමට ඔවුන්ට මෙමගින් හැකියාව ලැබී ඇත.
janet yellen තවදුරටත් පවසනුයේ මුල්‍ය වෙළඳ පලෙන් ණය ගැනීමට අපෝසත් වුවහොත් ජනතාවට සහනාධාර ලබා දීම, රජයේ සේවකයින්ට හා හමුදා හා ආරක්ෂක අංශවලට පඩි ගෙවීමට පවා නොහැකි තත්වයක් උත්ගත විය හැකි බවයි. මේ වනවිට ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9,000ක් වන අතර එය රටේ ජාතික නිෂ්පාදනයෙන් 121%ක ප්‍රතිශතයක් ලෙස සඳහන් වේ.
“ලෝකයේ බොහෝ වෙළඳ ගණුදෙනු සිදු කිරීමේදී ඩොලර් භාවිතාව සිදුවන නිසා දැවැන්ත ලෝක ආර්ථික අර්බුධයක්ද නිර්මාණය වෙන්න පුළුවන්” janet yellen සෙනගාලයේ ඩකා නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදී එසේ අවධාරණය කර සිටියාය.
මෙම තත්වය හමුවේ බයිඩන් රජය විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය, ආබාධිතයින්, තාක්ෂණ කේෂ්ත්‍ර සඳහා වෙන් කර ඇති මුදල් එම ගිණුම්වලට යැවීම හා ඒවායේ සංචිත මුදල් ආයෝජනයන් සඳහා යෙදවීම මෙම වසරේ ජුනි 05 දක්වා තාවකාලිකව නවතා දමා ඇත. මේ වනවිට ඔබාමා රජයේ උප ජනාධිපති ලෙස සිටි කාලයේ තම කාර්යාලයේ තිබී හසුවූ රජයට අයත් රහසිගත ලියකියවිලි ළඟ තබා ගැනීම නිසා බයිඩන් ජනාධිපතිවරයා සිටිනුයේද දැවැන්ත දේශපාලන අර්බුධයක සිරවීය. ඒ අතරේ මෙම ආර්ථික අර්බුධයට විසඳුම් සොයා ගැනීමට කොංග්‍රසයේ සිටින බහුතරයක් රිපබ්ලිකන් සාමාජිකයින් සමග එකඟත්වයකට පැමිණීමට ඔහු අපෝසත් වුව හොත් ඇමරිකාව දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුධයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට ආර්ථිකවේදීන් පවසා සිටි.
මේ අතර ඇමරිකාවේ නොබෙල් ත්යාගහිමි වූ සුප්‍රකට වාම ආර්ථිකවේදී paul krugman පවසා සිටිනුයේ සැමවිටම ඩිමොක්රටික් රජයක් පවතින අවස්ථාවේ කොංග්‍රසයේ රිපබ්ලික් මාෆියාව මෙම තත්වය ඇතිකරනු ලබනු බවයි. ඒ සඳහා උදාහරණයක් ලෙස 2011 ඔහු අවධාරණය කරනුයේ ඔබාමා පාලන සමයේ දීත් මෙවැනි තත්වයක් කෘතීම ලෙස ඇතිකල බවත්ය. එම නිසා බයිඩන් පාලනය “මුල්‍ය වෙළඳ පලේ හොරුන්” සමග සාකච්චා නොකළ යුතු බවට ඔහු අවධාරණය කර සිටි. කෙසේවෙතත් මෙම අර්බුධය හේතුවෙන් ඩොලරය පිළිබඳව විශ්වාශය අඩු වී ඇති අතර ඇමරිකානු මධ්‍යම බැංකුව (FED) විසින් පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ආයෝජකයින්ද සිටිනුයේ යම් පසුබෑමකට ලක් වෙමිනි.










