කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ එම බලාගාරය යළි අක්‍රීය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘නැප්තා’ මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට මුදල් සොයාගැනීමට විදුලිබල මණ්ඩලය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.
කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.
11










