බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පොලීසියෙන් දඩ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පොලීසියෙන් දඩ

මොටර් රථයේ ගමන් ගන්නා අවස්ථාවකදී ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත එරට පොලීසිය විසින් දඩ නියමකර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරන අතර සමාජ මාධ්‍ය සඳහා වීඩියෝවක් නිකුත් කර ඇති අතර එම රූප රාමුවලට අනුව ඒ අවස්ථාවේ දී ඔහු ආරක්ෂක බඳ පටි පැලඳ නොසිටි බව අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ලැන්කැෂයර් පොලීසිය පැවසුවේ නීති උල්ලංඝණය කළ පුද්ගලයෙකුට කොන්දේසි සහිත දඩයක් නියම කල බවයි.

එමෙන්ම එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn