බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේද දුරුතු පුර පළෛාස්වක පොහොය දිනකය.
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුකර ඇත. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනකය.
12










