මන්දපෝෂණය ඇති ළමයින් ගණන 40,000ක් පමණ විය හැකියි – කෙහෙළිය

මන්දපෝෂණය ඇති ළමයින් ගණන 40,000ක් පමණ විය හැකියි – කෙහෙළිය

මෙරට ළමා මන්දපෝෂණ තත්වය පිළිබඳ සිදු කළ සමීක්ෂණයකට අනුව වර්තමානයේ ළමයින් 21,000ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට සොයාගත් බවත් එම සංඛ්‍යාව 40,000ක් දක්වා වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඉදිරි දැක්මක් අනුව අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් පළ කරමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල,

“අද අපිට තියෙන ප්‍රශ්නය තමයි ළමා මන්දපෝෂණය. ඒකට අපිට විසඳුමක් හොයන්නම වෙනවා. මේ වනවිට අපි කරපු සමීක්ෂණවලට අනුව දරුවන් 21,000ක් මේ වනවිට මේ තත්වයට භාජනය වෙලා. අපි විශ්වාස කරනවා ඒ 21,000ක ප්‍රමාණය 40,000ට වර්ධනය වෙයි කියලා. මොකද මේ පසුගිය කාලයේ තිබුණු ආහාර අර්බුදය නිසා. අපි එවැනි දෙයක් වෙයි කියලා ඉදිරි දැක්මක් එක්ක කටයුතු කරනවා”

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රට තුළ දරුවන්ගේ මන්දපෝෂණ තත්වයක් ඇතැයි පැවසීම රට මුලා කිරීමක් බවයි.

Facebook
Twitter
LinkedIn