ඩුබායි කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ඊ. කුෂාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඔහු ඕමානයේ මස්කට් නුවර සිට අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් මෙරට පැමිණ ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn