ඉන්දියාවේ ප්රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානි විසින් ලෝක ප්රකට එංගලන්ත පාපන්දු සමාජයක් වන Liverpool FC මිලදී ගැනිමට විමසා ඇතිබව බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එංගලන්ත ප්රිමියර් ලීග් දැවැන්තයින් ඔවුන්ගේ වත්මන් හිමිකරුවන් වන Fenway Sports Group (FSG) විසින් විකිණීමට තීරණය කර ඇති අතර ඔවුන් 2010 ඔක්තෝම්බර් මාසයේදී Merseyside සමාජය මිලදී ගත්තේය.
“ද මිරර්” පුවත්පතට අනුව, Liverpool FC සමාජය බ්රිතාන්ය පවුම් බිලියන 04කට (ඇමරිකානු ඩොලර් බිලියන 4.73) විකිණීමට තීරණය කර ඇති අතර Forbes සඟරාවටත් අනුව ලොව අටවන ධනවත්ම පුද්ගලයා ලෙස ශ්රේණිගත කර ඇති මුකේෂ් අම්බානි, Reliance Industries හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ලෙස මේ පිළිබඳව විමසා ඇත.
Views: 0










