රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති යටතේ ලේක්හවුස් පුවත්පත් ගෙන යන ප්‍රචාර හේතුවෙන් ආර්ථිකයේ තවත් අර්බුද ඇතිවිය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවති.
මෙයට ආසන්නම හේතුව වී තිබෙන්නේ අද (31) දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් රූපලාවන්‍ය ආයතන සම්බන්ධයෙන් පළකර තිබෙන වගකීම් විරහිත සහ ආචාරධර්ම නොසලකා පළ කර තිබෙන ප්‍රචාරයයි. එහි සඳහන් කර තිබෙන්නේ “රූපලාවන්‍යාගාර හරහා “අයිස්” ගැහැණු දරුවන් බිලි ගනී – වැඩිම හානිය කුරුණෑගලට” යන්න ය.

මේ නිසා රට පුරාම ස්වයං රැකියා ලෙසින් පවත්වාගෙන යන රූපලාවන්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාව තුළ බියක් සහ විරෝධයක් ඇතිවීමේ තත්වයක් පවතින බව පෙන්වා දෙති. අදාළ සිරස්තලයේ “අයිස් ගැහැණු දරුවන් බිලි ගනී” යනුවෙන් සඳහන් කිරීම දෙමාපියන් තුළ තව දුරටත් අනිසි බියක් ඇති කිරීමට හිතාමතාම යොදා ඇති වචන බව පැහැදිලි වේ.
මෙයට පෙර දිනමිණ පුවත්පතේම විශ්වවිද්‍යාල සිසුන් 50කට ඒඩ්ස් වැළඳී ඇති බවට ප්‍රචාරය කර තිබිණි. නමුත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒඩ්ස් මර්දන කාර්යංශය අවධාරණය කරනු ලැබීය. අද දින පළකර තිබෙන මෙම ප්‍රවෘත්තියට අදාළව ඖෂධ නියාමන පාලන මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා අදාළ තොරතුරු සම්මන්ත්‍රණයකදී පැවසූ බව දක්වා තිබේ.
එහෙත්, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම රූපලාවන්‍ය ආයතන ක්‍රියා කරන්නේ නම් බුද්ධි අංශ යොදවා කරුණු සොයා ගැනීමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්තඩංගුවට ගෙන අදාළ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. එවැනි කිසිවක් නොකර ගෙන යන මෙම අවසථාවාදී ප්‍රචාර නිසා එම ක්ෂේත්රයේ සේවයේ නියුතු දස දහස් ගණනකට රැකියා අහිමිවීම මෙන්ම තව දුරටත් එය ආර්ථිකය කඩා වැටීම කෙරෙහි ද ඉවහල් වේ.










