එක්සත් ජනපද කතානායිකාවගේ සැමියාට මිටි ප්‍රහාරයක්

එක්සත් ජනපද කතානායිකාවගේ සැමියාට මිටි ප්‍රහාරයක්

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ ස්වාමිපුරුෂයා වන පෝල් පෙලෝසි හට මිටි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කතානායකවරියගේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි නිවසට ඊයේ (ඔක්. 28) ඇතුළු වූ පුද්ගලයෙකු මෙම පහර දීම සිදු කර අතර විදෙස් මාධ්‍ය සඳහන් කලේ එම 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු නිවසට ඇතුළු වූ අවස්ථාවේදී කථානායක නැන්සි පෙලෝසි සොයා ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා වන පෝල් පෙලෝසි හට පහර දීම එහි සිටි පොලිස් නිලධාරීන් සියැසින් දැක තිබේ, ඔවුන් සඳහන් කර ඇත්තේ සැකකරු මිටියකින් පෝල් පෙලෝසිට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දුන් බවයි.

Facebook
Twitter
LinkedIn