රනිල් වික්‍රමසිංහ විසින් සංචාරක ඇමති ලෙස පත් කළ හරීන් ප්‍රනාන්දු සහ එම රාජ්‍ය ඇමති ලෙස පත් කළ ඩයනා ගමගේ අතර ද්වන්ධ සටනක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
මෙයට ආසන්නම හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර රූ රැජිනියන් තේරීමේ තරඟයක් ඩයනා ගමගේ විසින් මෙරට තුළ පැවැත්වීමට ක්‍රියා කිරීමයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කැබිනට් ඇමති හරීන් ප්‍රනාන්දු දැනුවත් කිරීමෙන් තොරව ලබා ගැනීම ප්‍රධාන හේතුව වී තිබේ.
මේ වනවිට හරීන් ප්‍රනාන්දු පාර්ශවය විව්ධ පුද්ගලයන් යොදා ගනිමින් ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කරුණු හෙළිදරුව් කිරීමට පටන් ගෙන තිබේ. රාජ්‍ය ඇමතිවරියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදුවීම දක්වා අදාළ ගැටුම දුරදිග ගොස් තිබේ.
Views: 0










