රනිල් වික්‍රමසිංහ එක්ක කාලාන්තරයක් වැඩ කළ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා යැයි සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් පෙරේරා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“අරගලයේ අහඹු ප්‍රතිඵලයක් අටවන ජනාධිපති රනිල් ගෙනයන මර්දනය අවසන් නොකළොත් පරිස්සමෙන් කටයුතු කරන්න කියලා අපි අනතුරු අඟවනවා.
ජනතාව මත බදු ගහලා බදු හොරුන් ආරක්ෂා කරමින් ගෙනයන පාලනය මොනවගේද කියලා රනිල් වික්‍රමසිංහ එක්ක කාලාන්තරයක් වැඩ කළ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. තවදුරටත් ජනතාව පීඩාවට පත්නොකර වහාම මැතිවරණයකට ගිහින් ජනතාවගේ බලයක් ගොඩනැගීමට ඉඩදෙන ලෙස බලකරනවා.”
Views: 0










