රනිල් රාජපක්ෂලාගේ නීති, බන්ධනාගාර, සියල්ලම කඩාගෙන අපි හැප්පෙනවා – එරංග ගුණසේකර

රනිල් රාජපක්ෂලාගේ නීති, බන්ධනාගාර, සියල්ලම කඩාගෙන අපි හැප්පෙනවා – එරංග ගුණසේකර

“රනිල් රාජපක්ෂලාගේ නීති, බන්ධනාගාර, සියල්ලම කඩාගෙන අපි හැප්පෙනවා. අරගලයේ පොදු සටන් මධ්‍යස්ථානය ටී.යූ.සී.සී.ය වටා ගොඩනැගී තිබෙනවා. 74වසරක හෙංචයියන් සියල්ලම එළවන ගමන මේ වටා ගොනුවී සිටිනවා.” යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“රනිල් රාජපක්ෂ, පොඩි මයිනා, පොඩි මයිනාගේ ඔටුනු පළඳන්න බලා සිටින අයියලා ඇතුළු සියලු දෙනා විවිධ උපක‍්‍රම හරහා අරගල බිම නතර කරන්න හැකිවෙයි කියා බලා සිටියා. නමුත් උඹලා ඔක්කෝම පන්නන සටන ආරම්භ කරන දැවැන්ත ජන බලයක් ගොඩනඟමින් තිබෙනවා.

තරුපටි බලාගෙන ඉන්න හමුදාවේ සහ පොලීසියේ මහත්තුරුන්ටත් කියන්න දෙයක් තිබෙනවා. දැවැන්ත ජන බලයක් එද්දී ඔයගොල්ලන්ගේ හොට පැටලෙන බව අද හයිඩ්පිටියේ මුළු දෙන මේ රැලියේදී ඔප්පුකර තිබෙනවා. අපිත් සමග ඉතාමත් සහෝදරත්වයෙන් අරගල කළ වසන්ත සහෝදරයාත් සිරිධම්ම හාමුදුරුවෝත් අනීතිකව සිරකරලා පාලකයන් ආතල් ගන්නවා. සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු රෝගය වැළඳීමෙන් ජාතික රෝහලේ ප‍්‍රතිකාර ගන්නවා. වසන්ත, සිරිධම්ම හාමුදුරුවෝ වගේම මේ මොහොතේ අත්අඩංගුවේ තබාගෙන සිටින අනෙකුත් සියලුම අරගලකරුවන්ගේ වගකීමත් මේ රටේ ජනතාව අතට ගන්නවා. එසේ එක්වන ජනතාව පාලකයන් සමතලා කරගෙන අත්අඩංගුවේ සිටින සියලු දෙනා නිදහස් කරගන්න දිනය වැඩි ඈතක නොවෙයි. අපිට ඒ සටන තිබෙනවා.

අරගලකරුවන් හැටියට රනිල් රාජපක්ෂගේ පීඩනය අල්ලාගෙන සිටීමත්, අරමුණු සහගතව සංවිධානය වීමත් නිශ්චිත මොහොතක සංවිධානාත්මකව මුළු රටම අරගලයට කැඳවීමත් කියන ක්‍රියාමාර්ග තුන ඉටුකිරීමට තිබෙනවා. රනිල් රාජපක්ෂලාගේ නීති, බන්ධනාගාර, සියල්ලම කඩාගෙන අපි හැප්පෙනවා. අරගලයේ පොදු සටන් මධ්‍යස්ථානය ටී.යූ.සී.සී.ය වටා ගොඩනැගී තිබෙනවා. 74වසරක හෙංචයියන් සියල්ලම එළවන ගමන මේ වටා ගොනුවී සිටිනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමක් ලබාගැනීමේ අරගලය තුළින් නව පුරවැසියෙක් බිහි කරන පාලනයක් පිහිටුවා ගන්නවා. අපේ කාලයේ මේ මැච් එක අපි දිනන්නම ඕනෑ.”

Facebook
Twitter
LinkedIn