දියවන්නාවේ සිටින සතුරු බලවේග සියල්ලම පරාජය කිරීම වැඩි ඈතක නොවේ යැයි නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ ලේකම් නිශාන්ත රණවීර පවසයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“මේ සියවසේ දැවැන්ත ඛේදවාචකය දුර්ජනයන්ගේ හඬ නැගීම නොව සත්‍යවාදී මිනිසුන්ගේ නිහඬතාවය බව මාටින් ලූතර් කිං ප්‍රකාශ කර තිබෙනවා. සත්‍යවාදී මිනිසුන්ගේ නිහඬතාවය බිඳ දමමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හයිඞ්පිටියේදී පවත්වන මේ රැලියට ඛනිජ තෙල් සේවක සංගමයක් විදිහට ආචාරය පුදකරනවා.
මේ මාසයේ පමණක් තෙල් සංස්ථාව කෝටි 632ක් ලාභ උපයා තිබෙනවා. පසුගිය මාස ගණනාවක අඛණ්ඩ ලාභ ලැබූ බවට වාර්තා තිබෙනවා. රටේ සුරබිදෙනක් වූ මේ ආයතනය ඈවර කරන්න පළවෙනි පියවර කාංචන විජේසේකර නොදරුවා රනිල් විකුණන සිංහ යටතේ ක්‍රියාකරමින් සිටිනවා. ගෝල්ෆේස් අරගලයෙන් පටන් ගෙන ගෝඨාභය රාජපක්ෂ පළවා හැර ව්‍යවස්ථාව කොළ කෑල්ලක් බවට පත් කළ ආකාරය අපි දැක්කා. කාංචන විජේසේකර සම්මත කරගත් පනත හිස් කොළ කෑල්ලක් බවට පත්කරන අරගලයක් අපි දියත් කරනවා.
තෙල් සංස්ථාවට අයිතිව තිබුණු ආයතන එකින් එක 1992 සිට විකුණන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ ආවොත් කරන්නේ විකුණන එක. වෙන කිසි වැඩක් බැහැ. මේ සියල්ල අවසන් කරන්න අරගල කළ යුතුව තිබෙනවා. ගෝඨාභයට හැංගෙන්න වුණා වගේ රනිල් වික්‍රමසිංහට හැංගෙන්න අදාල අරගලය මේ රටේ මජර දේශපාලනයේ අවසානය බවට පත්කරන ඓතිහාසික බලවේගය ක්‍රියාත්මක වෙනවා.
දියවන්නාවේ සිටින සතුරු බලවේග සියල්ලම පරාජය කිරීම වැඩි ඈතක නොවෙයි. අපිව සටනට කැඳවනවා නම්, ජීවිත පරිත්‍යාගයෙන් වුවත් සටන් කිරීමේ ධෛර්යය තිබෙන පිරිසක් හයිඩ්පිටියෙන් අරගලය පටන්ගෙන තිබෙනවා.”










