ජනතාවගේ ජීවයත් එක්ක රැඳුණු ජලසම්පාදන මණ්ඩලය විකිණීමට ඉඩදිය නොහැකි බව ජන සම්පාදන සහ ජල ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එස්.ජී.එන් ලියනාරච්චි පවසයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“ජල සම්පාදන මණ්ඩලය මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාණයත් එක්ක එකතු වූ ආයතනයක්. ඒ වගේම සමස්ත ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ආයතනයක්. එවන් වූ ආයතනයකට ඔරොත්තු නොදෙන ණය කන්දක් අරගෙන වට්ටන තත්වයකට පත්වෙලා.
පසුගිය කාලයේ වාණිජ බැංකුවලින් 08%ට 10%ට වාණිජ පොලියට ණය අරගෙන මේ ආයතනය වැට්ටවීමේ පසුබිමක් හැදුවා. දැන් මේ මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා. එයට කිසිසේතම ඉඩ නොදෙන බව අපි අවධාරණය කරනවා. ජනතාවගේ ජීවයත් එක්ක රැඳුණු ජලසම්පාදන මණ්ඩලය විකුණන්න දෙන්න බැහැ. ඒ නිසා ජනතාව, ටී.යූ.සී.සී. එක වගේම ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති එකතු වෙලා ඉදිරියට ජයග්‍රහණය දක්වා අරගල කරන බව සහතික කරනවා.”










