නැවත කිසිම දවසක මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ රාජපක්ෂලාට නැගිටින්න ඉඩක් නොදෙන බවට ප‍්‍රතිඥා දෙනවා – ප්‍රියන්ත ප‍්‍රභාත්

නැවත කිසිම දවසක මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ රාජපක්ෂලාට නැගිටින්න ඉඩක් නොදෙන බවට ප‍්‍රතිඥා දෙනවා – ප්‍රියන්ත ප‍්‍රභාත්

නැවත කිසිම දවසක මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ රාජපක්ෂලාට නැගිටින්න ඉඩක් නොදෙන බවට ප‍්‍රතිඥා දෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ප්‍රියන්ත ප‍්‍රභාත් පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“රනිල් වික‍්‍රමසිංහ 2002දී මේ රටේ තරුණයන්ට බ්රෙස්ලට් දීලා, චුයින්ගම් දීලා ගොවියන්ට ඩෙනිම් අන්ඳන්න කතා කළා. අද රනිල් වික‍්‍රමසිංහ යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට අවම ඡන්ද ටික ලබාදීලා තියෙන අවස්ථාවක රට ඉදිරියට ගෙනයා හැකියි කියලා හිතනවා නම් හීනයක් විතරයි.

ඒ වගේම 74 වසරක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ රට පාලනය කර තිබෙනවා. රාජපක්ෂලා එක්ක මුක්කු ගහගෙන නැගිටින්න හදන තවත් පිරිසක් රට ගොඩනැගීම ගැන අලුතින් කතා කරනවා. රාජපක්ෂලා හොඳයි කියලා, ගෝඨාභය හොඳයි කියලා වැඩියෙන්ම කෑ ගහපු පිරිස අපියි. නමුත් නැවත කිසිම දවසක මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ රාජපක්ෂලාට නැගිටින්න කිසිම ඉඩක් නොදෙන බවට මේ අවස්ථාවේ ප‍්‍රතිඥා දෙනවා.

මේ වනවිට සියලුම දෙනාට බදු පිට බදු ගහලා තිබෙද්දී අයි.එම්.එෆ්. යෝජනා අනුව ඉදිරි මාසයේදී නැවත 100%ක බදු පනවන බවට වගකීමෙන් යුතුව මේ රැලියේදී හෙළිකරනවා. ඒ නිසා අපි ජීවත් වෙන්න රටක් හදමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරය වශයෙන් අනාගතයේදී තමුන්නාන්සේලා ගන්නා ඕනෑම තීරණයක් සමග එකට හිටගන්නා බව සහතික කරනවා.”

Facebook
Twitter
LinkedIn