තනි තනි සටන්වලින් මේ රටේ ප‍්‍රශ්න ගොඩදාන්න බැහැ – ඉශාන් කාවින්ද

තනි තනි සටන්වලින් මේ රටේ ප‍්‍රශ්න ගොඩදාන්න බැහැ – ඉශාන් කාවින්ද

තනි තනි සටන්වලින් මේ රටේ ප‍්‍රශ්න ගොඩදැමිය නොහැකි බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශාන් කාවින්ද පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“අද ලංකාව තියෙන්නේ කොතැනද? පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය කඩාගෙන වැටිලා. විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා වෙන්කරන්න අරමුදල් නැහැ. එයින් ඇතිවෙන ප‍්‍රශ්න වහන්නේ ශිෂ්‍යයන්ව මර්දනය කරලා. තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟනකොට මර්දනය ඉදිරියට දාන ආණ්ඩුවට අපි නැවත නැවතත් මතක් කරන්නේ මේ රටේ ප‍්‍රජාවම මර්දනයෙන් නවත්වන්න බැරි බවයි.

සියලුම ආකාරයේ ප‍්‍රශ්න වෙනුවෙන් හඬ නැඟූ කණ්ඩායම් එකට එකතු වී ඉදිරියට යනවා. තනි තනි සටන්වලින් මේ රටේ ප‍්‍රශ්න ගොඩදාන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිති සියල්ලම, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ අනෙකුත් සංවිධාන එකතු කර ගෙන ටී.යූ.සී.සී. ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පාලකයන්ට දැනෙන පණිවිඩයක් දෙන්න පෙරට එමින් සිටිනවා.

මේ රට නිවැරදි මාවතට ගැනීමේ අරගලයේ සාක්ෂිකරුවන් හයිඩ්පිටියට එකතු වී සිටිනවා. ඔවුන්ට නායකත්වය දෙන්න මේ වෘත්තීය සමිති නායකත්වය එක්වී සිටිනවා. මේ වේදිකාවේ සිට සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට අපි බලපෑම් කරනවා.”

Facebook
Twitter
LinkedIn