දෙවැනි අරගලය මැතිවරණයක් ලබාගන්න තුරු ඉදිරියට ගෙනයනවා – පියසිරි ප‍්‍රනාන්දු

දෙවැනි අරගලය මැතිවරණයක් ලබාගන්න තුරු ඉදිරියට ගෙනයනවා – පියසිරි ප‍්‍රනාන්දු

අදින් ආරම්භවන දෙවැනි අරගලය මැතිවරණයක් ලබාගන්නා තුරු ඉදිරියට ගෙනයන බව සේවක අයිතිවාසිකම් පිළිබඳ සංගමයේ ප‍්‍රධාන ලේකම් පියසිරි ප‍්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“ඉතිහාසයේ නොවූ විරූ අරගලයක් කළ වැඩකරන ජනතාව දෙවැනි අරගලයක් කරන්න එකතු වී සිටිනවා. ලංකාවෙන්ම ඡන්ද සූරලා අරගෙන පාර්ලිමේන්තු එන්න බැරිව අවුරුද්දක් හැංගිලා හිටපු කෙනා අද ජනාධිපති වී සිටින බව පර ජනාධිපතිට අමතක වෙලා. නමුත් මේ බව වැඩකරන පංතියට අමතක නැහැ. හොර තක්කඩි රාජපක්ෂලා අයින් කරද්දී ඒ පන්නපු පිරිස ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ රනිල් වික‍්‍රමසිංහ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණ හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අපිට පැහැදිලි මැතිවරණයක් දීපියවු කියලා අපි අරගල කරනවා. පොහොට්ටුව කෑලි තුන හතරකට කැඩිලා. අපි මේ අරගලය නවත්වන්නේ නැහැ.

අද පාසල්වල දරුවන්ට කන්න නැති වුණත් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කර තිබෙනවා. ඒ ගැන කතා නොකරන ආණ්ඩුව අරගලකරුවන්ට දඬුවම් කරනවා. දෙවැනි අරගලය මැතිවරණයක් ලබාගන්න තුරු ඉදිරියට ගෙනයනවා.”

Facebook
Twitter
LinkedIn