ලංකා ඉතිහාසය වෙනස් කරන අරගලය ඇරඹී තිබෙනවා – හිරුණ හෙට්ටිආරච්චි

ලංකා ඉතිහාසය වෙනස් කරන අරගලය ඇරඹී තිබෙනවා – හිරුණ හෙට්ටිආරච්චි

ලංකා ඉතිහාසය වෙනස් කරන අරගලය ඇරඹී තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හිරුණ හෙට්ටිආරච්චි පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“කොළඹ හයිඩ් පිටියට එකතු වී තිබෙන්නේ ඉතාහාසය වෙනස් කරන මහා බලවේගයක්. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මේ වෙඩි මුරය තබන්නේ රනිල් රාජපක්ෂට වහාම ගෙදර යන්න කියන පණිවිඩය ලබාදෙන්නයි.

අරගලකරුවන් බලාපොරොත්තු වුණේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවලා රනිල් වික‍්‍රමසිංහ හිස්ගෙඩිය ආදේශ කරන එක නොවෙයි. ඔවුන් බලාපොරොත්තු වුණේ මේ රටේ සිස්ටම් එක වෙනස් කරලා මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න වටපිටාවක් හදන එක. නමුත් මර්දනයත් දියත් කර, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු අරගලකරුවන් මර්දනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි රනිල් වික‍්‍රමසිංහට අපි මතක් කර දෙන්නේ වැරදි තැනකට අත තැබූ බවයි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වට්ටන්න පුළුවන් තැනක් නොවෙයි. හැමවෙලාවේම කෙලින් හිටගන්න තැනක්. අදත් මේ මර්දනයට එරෙහිව දූෂිත පාලනයට එරෙහිව මේ මහා බලවේගයත් එක්ක එකට එකතු වී ඉන්නවා.

ඊළඟට අපි එන්නේ මේ මහා බලවේගයත් එක්ක අත්වැල් බැඳගෙනයි. මෙච්චර ව්‍යසනයක් පවතිද්දී රටේ ජනතාව ඇස් කණ් පියාගෙන ඉඳීවි කියලා රනිල් වික‍්‍රමසිංහ හිතනවා නම් ඒක වැරදීමක්. ජනතා පරමාධිපත්‍යයේ බලය සැමට ඉහළින් පිහිටා ඇති බව ඔවුන් මතක තබා ගත යුතුයි. මේ රැලිය ආරම්භයේදී ඉදිරිපත් කළ සංස්කෘතිකාංගයෙන් හඬගා කීවේ ”අරගලට පණ පොවමු” කියලයි. හයිඩ්පාක් පිටිය ඒ අරගලයට පණ පොවනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක මේ යන ගමන මොන මර්දනයක් හමුවේ වත් නවත්වන්න බැහැ. ඔක්තෝබර් 27 මේ සටන පටන් ගත්තේම අරගලයට පණ පොවන්නයි. ලංකා ඉතිහාසය වෙනස් කරන අරගලය ඇරඹී තිබෙනවා.”

Facebook
Twitter
LinkedIn