මේ රටට ආදරය කරන භික්ෂූන් වහන්සේලාට සහ පූජකවරුන් සියලුම දෙනාට මේ අරගලයට එකතු වෙන්නැයි ආරාධනා කරන බව පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියෝ පවසති.
එ් හිමියෝ මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් එක්වෙමිණි.
එහිදී පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියෝ වැඩිදුරටත් අදහස් දැක්වූ,
“අද ඔක්තෝබර් 27 වෙනිදා. ගෝල්ෆේස් අරගලකරුවන් හැටියට වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ බොහෝ පිරිසක් එකතු වී සිටිනවා. රනිල් රාජපක්ෂ සුද්දා පාවිච්චි කළ නීති අරගලකරුවන් මර්දනය කරන්න යොදාගෙන තිබෙනවා. වැඩකරන පංතියත් එක්ක එකතු වෙලා සිදුකළ අරගලයෙන් මේ රටේ කළ නොහැකි දෙයක් නැතැයි කියූ ජනාධිපති පළවා හැරියා. දැන් කිසිදු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ගෙනයන පාලනය පරාජය කරන්න අපිට අරගල කළ හැකි ශක්තිය තිබෙනවා.
ජනතාවගේ බලයක් දුන්නේ නැති ජනාධිපති පළවා හැර ජනතාවගේ බලයක් හරහා රට පාලනය කිරීමේ බලයක් අපි ලබාගන්නවා. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ප්රගතිශීලී ජනතාවට අපි ආරාධනා කරනවා. මේ රටට ආදරය කරන භික්ෂූන් වහන්සේලා සහ පූජකවරුන් සියලු දෙනාට මේ අරගලයත් එක්ක හිටගන්න කියලා ආරාධනා කරනවා.”










