පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලෙස ඇතුළු තවත් ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් අද (27) කොළඹදී විරෝධතා රැළියක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
මීට අතරව පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා වැඩ කරන ජනතාවට වහාම දීමනාවක් ලබාදිය යුතු බවත් එම මධ්‍යස්ථානයේ සාමාජික ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.
රට තුළ ගැටලු රාශියක් නිර්මාණය වී තිබුණද, පාර්ලිමේන්තුව තුළින් ජනතා ප්‍රශ්න විසඳීමට කයුතු නොකරන බවත්, මේ නිසා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි පාර්ලිථින්තුව විසුරුවා හැරිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ත්‍රස්ත පනත හා වෙනත් පහත් උපයෝගී කර ගනිමින් සිදුකරන සියලුම ආකාරයේ මර්දන ක්‍රියා නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්, මර්දන පනත් යටතේ රඳවාගෙන සිටින පිරිස් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා හා ගොවීන්ට ධීවරයන්ට තම වැඩ කටයුතු සිදුකර ගැනීමට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා මෙම විරෝධතා රැලිය පවත්වන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංගම් ඒකාබද්ධව පවත්වන මෙම විරෝධතා රැලිය අද පස්වරු 03.00ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය.










