පළාත් පාලන ඡන්දය මාර්තු 20ට පෙර පවත්වනවා

පළාත් පාලන ඡන්දය මාර්තු 20ට පෙර පවත්වනවා

මීළඟ පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා පවසයි.

ඔහු මේ බව පැවසූවේ යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුළුව අමතමිනි.

එහිදී සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත්ව තිබෙන ප්‍රධාන යෝජනා දෙක වන ප්‍රචාරක වියදම්ක්‍රමවේදය සහ තරුණ නියෝජිත ක්‍රමවේදය සම්මත වුවහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බවය.

Facebook
Twitter
LinkedIn