වික්ටෝරියා ජලාශ වේල්ල ආශ්රිත අධි ආරක්ෂිත කලාපයේ අවසරයකින් තොරව ඩ්‍රෝන යානාවකින් දර්ශන රූපගත කළ වැලිගම සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 07 දෙනෙකු යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලීසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙතෙක් කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් බවය.
නිසි බලධරයෙකුගේ අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව වික්ටෝරියා වේල්ල හා ජලාශය පිහිටි කලාපයේ ඡායාරූප ලබාගැනීම හෝ වීඩියෝගත කිරීම නොකරන ලෙස දැනුම් දී තිබියදීත් ඔවුන් මෙලෙස දර්ශන ලබාගැනීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
සැකකරුවන් සතුව තිබූ ඩ්‍රෝන යානය, කැමරාවක් සහ ඔවුන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
Views: 0










