ගල් අඟුරු ටොන් 1000ක් ටෙන්ඩරයෙන් පිට අරන්

ගල් අඟුරු ටොන් 1000ක් ටෙන්ඩරයෙන් පිට අරන්

ගලු අඟුරු මෙට්‍රික් ටොන් 2025ක් මිලදී ගැනීමේදී එයින් 50%ක ප්‍රමාණයක් ටෙන්ඩර් කැඳවීමෙන් මිලදි ගෙන ඇති අතර ඉතිරි 50%ක ප්‍රමාණය හදිසි මිලදි ගැනීම් මත සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

වර්ෂ 2021 – 2023 කාලයට ගත් අඟුරු ගැනීමේදි මෙය සිදුවී ඇති බව වාර්තා වේ.

නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 – 2025 කාල පරිච්චේදයට අදාළව ගල් අඟුරු මිලදි ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

ගල් අඟුරු සැපයීම සඳහා ආයතන 04ක් ඉදිරිපත් වී තිබූ අතර ඉන් එකක් රුසියානු තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයට (2021 නොවැමිබර්) ඉදිරිපත් කර තිබූ අතර ඉතිරි ආයතන දෙකක් විදුලි බල හා බලශක්ති ඇමතිවරයාටද ඉතිරි ආයතනය ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාට (2022 ජූලි මස) යෝජනා ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වේ.

මෙම සමාගම් අතරින් රාජතාන්ත්‍රික මට්ටමින් ඉදිරිපත් කරන ලද යෝජනාව මිල ගණන් නොමැතිව කැමැත්ත දක්වන ප්‍රකාශයක් වීම නිසා එය නොසලකා හැර අනෙකුත් සමාගම් තුන පමණක් ඇගයීමට ලක් කර තිබූ බවද අනාවරණය වී ඇත.

Facebook
Twitter
LinkedIn