ආණ්ඩුව, බුකර් සම්මානලාභී ශෙහාන්ට තඩිබෑම අරඹයි

ආණ්ඩුව, බුකර් සම්මානලාභී ශෙහාන්ට තඩිබෑම අරඹයි

ජාත්‍යන්තර බුකර් සම්මානය ශ්‍රී ලංකාවට හිමිකර දුන් ශෙහාන් කරුණාතිලක එය ලබා ගත් මොහොතේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ ප්‍රචාරක මාධ්‍ය විසින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

විශේෂයෙන්ම සිළුමිණ පුවත්පත මේ සම්බන්ධයෙන් “බුකර් සම්මානයේ අභිමානයට යටින් වැටුනු අවමානයේ සෙවනැල්ල” යන සිරස්තලයෙන් මේ සම්බන්ධ ලිපියක් පලකර ඇත. ඒ මගින් ශෙහාන් කරුණාතිලක සිදු කළ ප්‍රකාශය හෙලාදකිමින් කරුනු ඉදිරිපත් කර තිබේ. එම ලිපියේ අඩුංගු කොටසක් පහත දැක්වේ.

“විශේෂයෙන් ලන්ඩනයේදී බුකර් සම්මානය දිනාගත් මොහොතේ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත චාල්ස් රජුගේ අගමෙහෙසිය කැමිලා පාකර් පසෙක සිටියදී ශෙහාන් විසින් සිදු කරනු ලැබූ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක් කිරීමක් බව අවිවාදිතය.

ඔහු විසින් පැහැරහරිනු ලැබූවේ ආර්ථික වශයෙන් මේ වනවිට අසීරු අවධියක් ගතකරමින් සිටින පසුබිමක ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය යළි ඉහළට ඔසවා තැබීමට ලැබුණු ඉතා විරල අවස්ථානකි.” ආදී වශයෙන් සටහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn