පසුගිය මැයි 09වනදා ඝාතනයට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එම සිදුවීමේදී මියි ගිය පොලිස් සැරයන් ගුණවර්ධනට රුපියල් ලක්ෂයක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය බලවත් අප්‍රසාදය පල කර තිබේ.
මන්ත්‍රීවරයා වෙනුවෙන් අදාල වන්දි මුදල ආණ්ඩුපක්ෂය විසින් විශේෂයෙන් සම්මත කරගනු ලැබීය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි සැරයන්වරයාට සාමාන්‍යයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂයක වන්දි මුදල පමණක් ගෙවීමට සූදානම් වේ. ආණ්ඩුවේ ප්‍රකාශකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන්ද ඉදිරියේදී වන්දි මුදලක් ගෙවීමට ක්‍රියාකරන බවයි.
එහෙත් මේ දක්වා එයට අදාලව ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය පල කර තිබේ.










