රටේ බිහිසුණු විදේශ විනිමය අර්බුදයක් පවතින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් රොත්තක් ම එකවිට විදේශ ගතවී ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිවී තිබේ.
ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි වෙනුවෙන් සිදුකළ ඡන්ද විමසීමේදී මේ බව හෙළිවිය. එසේ විදේශගත වී සිටින පිරිස අතර ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් 6 දෙනෙකු සිටිති.
එම ඡන්ද විමසීමේදී පොහොට්ටු පක්ෂයේ මහින්ද රාජපක්ෂ ඇතුළු 14 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. එම 14 දෙනාගෙන් සිව් දෙනෙකු රෝහල්ගතවීම සහ අසනීපවීම යන හේතු දක්වා තිබේ.
මෙරටට ගෙන්වන ඉන්ධන නැව් සඳහා ගාස්තු ගෙවීමට නොහැකිවීමෙන් නැව් නැංගුරම් ලා තිබෙන කාලය වෙනුවෙන් වන්දි වශයෙන් අමතරව ඩොලර් ලක්ෂ ගණනක් ගෙවමින් තිබෙන පසුබිමක ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රොත්තක් එකවර විදේශගත වී සිටීම විශේෂත්වයකි.

Views: 0










