අද (17) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද අඩුකර ඇත.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපිල් 415ක් වේ.
මේ අතර,ලංකා IOC සමාගම විසින් උක්ත මිල ගණන් යටතේම ඉන්ධන මිල අඩු කිරීමට තිරණය කර තිබේ.
මේ වනවිට ලෝක වෙළඳපොලේද බොරතෙල් මිල පහත බැස ඇත.

Views: 0










