මොහොමඩ් අලි සබ්‍රි ජී.එල් පීරිස්ගේ පාරේ යයි

මොහොමඩ් අලි සබ්‍රි ජී.එල් පීරිස්ගේ පාරේ යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටවල් සංඛ්‍යාව ඉතිහාසයේ අඩුම තත්වයට ඇද වැටීම අංඛ ගණිතමය මැනීමක් බව විදේශ ඇමති මොහොමඩ් අලි සබ්‍රි පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතට අදහස් දක්වමින් ඔහු කරුණු ඉදිරිපත් කර ඇති අතර මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධුරය යටතේ ජී එල් පීරිස් ද මේ හා සමාන තර්කයක් ඉදිරිපත් කරනු ලැබීය. ජී එල් පීරිස් සහ මොහොමඩ් අලි සබ්‍රි යන දෙදෙනාම කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ නොවන බවය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කොමිසමේදී චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවල 2012දී ඊට විරුද්ධව ඡන්ද 15ක් ද, 2013 දී ඡන්ද 13ක් ද, 2014දී ඡන්ද 12 ක්ද ලැබී තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ යටතේ 2021දී ඡන්ද 11ක් ලැබී තිබුණු අතර මෙම වසරේදී එය ඡන්ද 07ක් දක්වා අඩුවී තිබේ. මෙම තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ ගලවා ගැනීමේ මෙහෙයුමකට අදාළව කරුණු ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමේ ප්‍රයත්නයක් මොහොමඩ් අලි සබ්‍රි දරා ඇත.

Facebook
Twitter
LinkedIn