මන්ත‍්‍රී ආසන ගණනට ගැලපෙන්න සංශෝධනයක්

මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳව ව්‍යවස්ථා අනුකමිටුවේ සාකච්ඡාවන් සිදුවෙමින් පවතී. පසුගිය සතියේ පැවැති එම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස්වරයාද සහභාගි විය. මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක්ද රැගෙන පැමිණියේය. නමුත් මේ කමිටුවේදී අපූරු සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් මතු විය. පාර්ලිමේන්තුවේ මේ වනවිට සවිකර ඇත්තේ මන්ත‍්‍රී ආසන 232ක් පමණි. නව මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තුවේ ආසන 232කට ගැලපෙන ලෙස සකස් කළ යුතු බවට සාකච්ඡාවක් මතුවීම විහිළුවකි. පාර්ලිමේන්තුවට අලූතින් ආසන සවිකිරීම හෝ ගැලවීම මත මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතු නැති බවට ජනතා විමුක්ති පෙරමුණ එහිදී පෙන්වා දුන්නේය. මැතිවරණ කොමසාරිස්වරයා තම පෞද්ගලික මතයද මෙහිදී ඉදිරිපත් කළේය ”මට තේරෙන විදියටනම් සුළු ජාතික නියෝජනයට සහ සුළු පක්ෂ නියෝජනයට තැන තියෙන සාමානුපාති ක‍්‍රමය තමයි ඉතාම සාධාරණ” ඔහු කීවේය. ”අලූත් ක‍්‍රමයකට යන්න සීමා නීර්ණ කොමිසමක් අනිවාර්යෙන්  ඕනෑ. එතකොට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දවසට පැය දොළහක් වැඩ කළත් මාස තුනක් ගතවෙනවා. පහුගිය සීමා නීර්ණ කොමිසම්වලට අවුරුදු දෙකක් ගතවෙලත් තියෙනවා” මැතිවරණ කොමසාරිස් කියා සිටියේය. ”මන්ත‍්‍රී ධුරයක් සඳහා පක්ෂයකට 5%ක ඡන්ද කෝටා එකක්  ඕනෑ කියන එක සුළු පක්ෂවලට අසාධාරණයි. ඒ නිසා ඒක ස්වභාවිකව කෝටා එකක් එන විදියට සකස් කරන්න  ඕනෑ” දිනේෂ් ගුණවර්ධන කීවේය. නමුත් එයට එජාපය හා ශ‍්‍රීලනිපය විරෝධය පළ කළහ. ”මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 225ක් වුණේ 1981 සංගණනයට අනුව. ඒ නිසා මන්ත‍්‍රී ධුර වැඩි කරනවනම් වර්තමානයේ ජනගහන අනුපාතය ගැන හිතලා වැඩි කරන්න  ඕනෑ” ජවිපෙ මතය විය.

Facebook
Twitter
LinkedIn