රනිල් වික්‍රමසිංහ ඊයේ (10) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට පහල ලබන ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමෙන් පසුව එය හකුලා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව හෝ කැබින්ට මණ්ඩලය එවැන්නක් සම්මත කළ බව එම තීරණ දැනුම්දීමේ රජයේ නිල නිවේදනයේ සඳහන් නොවීය. එහෙත් අද එම තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ බන්දුල ගුණවර්ධන පවත්වන මාධ්‍ය හමුවේදී මෙම කරුණු හෙළි කර තිබිණි.
ඔහු එහිදී හෙළි කළේ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක කාණ්ඩයට ලංකාව වර්ගීකරණය කිරීමේ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බවය. මේ අනුව ලෝකයේ විවිධ සංවිධානවලින් ණය ලබා ගැනීමේදී සහනදායී පොලියට යළිත්වරක් ණය ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බවද බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් හෙළි කළේය.
මෙම කරුණු දැක්වීම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවැරදි කරමින් නිකුත් කරන ලද නිවේදනය අනුව ලංකාව යළිත් වරක් මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩය අතරට උසස් කර ගෙන තිබේ.










