වර්ෂ 2012 ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 අතර කාලය තුළ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිර ලෙස සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් අද (11) යළි අධිචෝදනා බාරදීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැර තිබේ.
ඒ අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.
එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදු වූ අතර ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කර ඇත.
මීට අමතරව මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර ඇති විනිසුරුවරයා ඉන්පසු නඩු විභාගය නොවැම්බර් 29දා යළි කැඳවා තිබේ.










