රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර හතරක්

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර හතරක්

අද (10) උදෑසන 8.15ට පමන යුක්‍රේනයේ නගර කිහිපයකට රුසියානු හමුදාව විසින් මිසයිල ප්‍රහාර 4ක් පමන එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් මේ වන විට 8 දෙනෙකු පමන මරනයට පත් වී ඇති අතර Kyiv නගරයේ නගරාධිපති Vitaliy Klitschko පවසන්නේ නගරයේ “නගරයේ යටිතල පහසුකම්” වෙතද මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති සෙලන්ස්කි හදිසියේ මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ” මෙවැනි පහරදීම් වලින් පෙන්නුම් කරන්නේ රුසියාව “අපව විනාශ කර පෘථිවියෙන් අපව අතුගා දැමීමට උත්සාහ කරන” බවයි.

මීට දින කිහිපයකට පෙර රුසියාව සහ රුසියාව ඈඳා ගෙන ඇති ක්‍රිමියා ප්‍රදේශය යා කෙරෙන පාලමක් පුපුරුවා හැරීමට යුක්‍රේනය සමත් වූ අතර ඉන් අනතුරුව රුසියාව සිය ප්‍රහාර දැඩි කිරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් අද ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn