රනිල් අපනයන ආර්ථිකයත් ඝාතනය කිරීම අරඹයි

රනිල් අපනයන ආර්ථිකයත් ඝාතනය කිරීම අරඹයි

රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත අවවැය අනුව ලබන නොවැම්බර් 01 වෙනි දින සිට අපනයන ආදායම් මත 30%ක බද්දක් අය කිරීමට සැලසුම් සකස් කර තිබේ.

මේ වනවිට සාමාන්‍යයෙන් වාර්ෂිකව ඩොලර් කෝටි 1,200ක පමණ ආදායමක් මෙරට සියලු අපනයනවලින් උපයා ගනිමින් සිටී. ඒ මත 30%ක බද්දක් පැනවීමෙන් දළ වශයෙන් ආණ්ඩුව ඩොලර් කෝටි 360කට ආසන්න බදු ආදායමක් ලබා ගැනීමට සැරසෙන බව පැහැදිලි වේ. මෙය ඩොලරයක් සඳහා මේ වනවිට පවතින රුපියල් 368/- අනුව ගණනය කළවිට රුපියල් කෝටි 132,480ක් ඉක්මවා යන බදු ආදායමකි.

අපනයන ආදායම් මත මේ සා විශාල බදු බරක් පැටවුවහොත් සියලු අපනයන කඩා වැටීමට ලක්වනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා තිබේ. මේ වනවිට අපනයන තීරු බදු, අපනයන මත පිිවැටුම් බදු වැනි බදු ැසක් පනවා තිබියදී මෙම බද්ද පැනවීමට පාර්ලිමේන්තුවේ සංශෝධිත අයවැය සම්මත කිරීම මගින් ඉඩකඩ ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn