ජේ.ආර්. මාමාගෙන් පසු රනිල් බෑනාත් ජනමත විචාරණයකට සැරසෙයි

ජේ.ආර්. මාමාගෙන් පසු රනිල් බෑනාත් ජනමත විචාරණයකට සැරසෙයි

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තමන් ඉදිරියේදී තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට එම තේරීම් කාරක සභාව අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෘත්තීයවේදීන් සමග අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති පැවති හමුවකදී ප්‍රකාෂ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේ රටේ දේශපාලනයේ දූෂණයට ප්‍රධානම හේතුව මනාප ක්‍රමය බවත් තමන් නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. මනාප නැති ලැයිස්තු ක්‍රමය, නැතහොත් මිශ්‍ර ක්‍රමය (කේවල හා අනුපාත ක්‍රමය) මේ දෙකෙන් එකක් ගැන සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවත් ඉදිරි මැතිවරණයට පෙර තීරණයක් ගෙන එම ඡන්දය අලුත් ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවත් ඔහු පවසා ඇත.

එසේ නොවුනහොත් මැතිවරණය පැවැත්විය යුතුතේ කුමන ක්‍රමයකටදැයි දැන ගැනීමට තමන් ජනමත විචාරණයකට යන බවත් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහදි අවධාරණය කර තිබේ.

එමෙන්ම මීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර එම ආයතන සඳහා මන්ත්‍රීවරු සංඛ්‍යාව 4,000ක් දක්වා අඩුකරන බවත් හිටපු කතානායක කරූ ජයසූරියගේ යෝජනාවක් වන “ජන සභා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපතිවරයෙකු යටතේ පැවතීම වෙනුවට සභාපති මුල්කර ගත් කමිටුවකට බලය ලබාදිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදුකිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ මේ වනවිට රටේ ජනමතය ආණ්ඩුවට එරෙහිව ඇති බැවින් නිසි කලට මැතිවරණ පැවැත්වීම කල් දමා ගැනීම සඳහා ජනාධිපත් රනිල් වික්‍රමසිංහද හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන පන්නයේ ජනමත විචාරණ උප්පරවැට්ටියක් සූදානම් කරමින් සිටින බවය.

Facebook
Twitter
LinkedIn