ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණ 09කට ආසන්න තරම් කඩා වැටි තිබියදී ඉහළම ආරක්ෂක වියදම් දරණ, ලෝකයේ රටවල් 10 අතරට එක් වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නවතම සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
මේ පිළිබඳව දේශය පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කරුණු අනාවරණය කර ඇත. එම ගණනය සිදු කර ඇත්තේ, වාර්ශික රාජ්‍ය වියදමෙන් “වැඩිම ආරක්ෂක ප්‍රතිශතයක් දැරීම” නම් නිර්නායකය අනුවය. ඉහළම වියදම දරන්නේ උතුරු කොරියාව බවත් ඉන් පසුව ඇමරිකාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල්ද එම ඛාණ්ඩයේ පසුවන බවත් අදාල ප්‍රවෘත්තියෙන් හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ 2009දී යුද්ධය අවසන් කිරීමෙන් පසු අති විශාල ආරක්ෂක වියදමක් දිගින් දිගටම පවත්වාගෙන යමින් සිටී. 2009දී ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි 17,706ක් වෙන් කර තිබූ අතර 2010දී එය රුපියල් කෝටි 21,380ක් දක්වා තවදුරටත් ඉහළ දමා 2021 වනවිට රුපියල් කෝටි 29,899ක් දක්වා ඉහළම මට්ටමක පවත්වාගෙන ගොස් ඇති බව මහ බැංකු වාර්ශික වාර්තාවලින් හෙළි වෙයි.










