ශිෂ්‍යත්ව සහ A/L විභාග කල් දමයි

ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනු ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමටත් උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 වනදා සිට පෙබරවාරී 17 වනදා දක්වා පැවැත්වීමටත් තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන නිවේදනය කරයි.

මීට පෙර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදාත් උසස් පෙළ විභාගය 2022 දෙසැම්බර් මස 05 වන දින සිටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn