ආරක්ෂක, මුදල්, තාක්ෂණ සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිය විධායක බලතල යොදාගනිමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඇතුළු ආයතන රැසක් ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරමින් වෙනත් අමාත්‍යාංශ වෙත මාරුකර තිබේ.
මෙම මාරු කිරීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 09ක් අලුතින් ඇතුළුත් කර ඇත. මෙයට පෙර ගෝටාබය රාජපක්ෂ ආරක්ෂ ඇමතිවරයා ලෙස තබාගෙන සිටි ආයතන රනිල් වික්‍රමසිංහද එළෙසම තබාගෙන සිටි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී ලංකා ආණ්ඩුවට එල්ල වුණු දැඩි විවේචන හමුවේ එම සිවිල් පරිපාලන ආයතන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මාරුකර ඇත.
Views: 0










