දුරකථන ගාස්තු යළිත් ඉහළට

දුරකථන ගාස්තු යළිත් ඉහළට

දුරකථන සමාගම් දුරකථන ගාස්තු අද (05) සිට නැවත ඉහළ දමා තිබේ.

මෙම මස 01 සිට ක්‍රියාත්මක වන පිරිදි ආණ්ඩුව විසින් 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද පැනවීමට පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි.

මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn